මහනගර සභාවේ සියලුම නිලධාරීන්ගේ සහ සේවකයින්ගේ පෞද්ගලික ලිපිගොනු මෙන්ම ඔවුන්ගේ නිවාඩු, අතිකාල දීමනා, අනාගත හා පශ්චාත් වැඩසටහන් වලට අදාළ ක්‍රියාකාරකම් මෙන්ම සියලු සුභසාධන කටයුතු සම්බන්ධ සියලු කටයුතු සිදු කරයි.
මහනගර සභා සහ කාරක සභා පැවැත්වීම හා සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් සහ වාර්තාකරණ කටයුතු මෙම අංශය විසින් මෙහෙයවනු ලැබේ. මීට අමතරව, තොරතුරු පනත හා සේවක කළමනාකරණයට අදාළ සියලු කටයුතු මෙම අංශය විසින් සිදු කරනු ලැබේ.
මෙම අංශය මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ඇතුළු සමාජ සුභසාධන කටයුතු සහ සේවක සුභසාධන කටයුතු සිදු කරයි.