සුසාන භූමියේ මළ සිරුරක් භූමදානය කිරීම
අවශ්‍ය ලිපි ලේඛන
1. නිසි පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත
2. B 18 දරණ මරණ පරීක්ෂක තැනගේ සහතිකය හෝ B 16 දරණ මරණ දැන්වීමේ සහතිකය හෝ B 12 දරණ මරණ දැන්වීමේ සහතිකය
3. අවශ්‍ය අවස්ථාවකදි අධිකරණ නියෝගයක්
සපුරාලිය යුතු කොන්දේසි
1. මියගිය තැනැත්තා බදුල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු හෝ ඔහුගේ ඥාතියෙකු වීම.
2. අධිකරණ නියෝග මත භූමදානය කිරීමට නියෝග ලබා දුන් මෘත දේහයක් වීම.
3. බදුල්ල මහ රෝහලේ දී මිය ගිය එහෙත් ඥාතීන්ට එම මෘත දේහය තම ප්‍රදේශයට ගෙන යාමට අපහසු මළ සිරුරක් වීම.
4. බදුල්ල මහ රෝහලේ සිදු වු මළ දරු උපතක් වීම
5. මහජන සෞඛ්‍ය පරීක්ෂක / ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිර්දේශය
සේවය සැපයීමට ගතවන කාලය - විනාඩි 30
විමසීම් - සෞඛ්‍ය අංශය - 055-4934519
- ආදායම් අංශය - 055- 4934518
- පොදු - 055- 2222275